රැකියා සම්බන්ධ ලිංගික හිරිහැර කිරීම්: ඔබේ අයිතීන් දැනගන්න

රැකියා සම්බන්ධ ලිංගික හිරිහැර කිරීම් අත්විඳි හෝ එවැනි දෑ දුටු අයට උපකාරී වන සම්පත්.

Shape

ලිංගික හිරිහැර කිරීම යනු වෘත්තීය සෞඛ්‍යය හා සුරක්ෂිතභාවය පිළිබඳ ගැටඵවක් වන අතර සේවකයින් ආරක්ෂා සහිතව තබා ගැනීම සේවාදායකයාගේ වගකීමයි.

ඔබේ සේවාස්ථානය තුල රැකියාවේ නිරතවිීමේදී හෝ රැකියා සම්බන්ධ සිදුවීම් අතරතුරදී යම්කිසි අකමැති ලිංගික ආකාරයේ හැසිරීම් රැකියා සම්බන්ධ ලිංගික හිරිහැර කිරීමට ඇතුලත් වේ’ සමහරක් ලිංගික හිරිහැර කිරීම් රටාවන්ට පහත දෑ අඩංගු වේ:

  • අතපත ගෑම
  • දෑස් දල්වා බැලීම හෝ කෑදර ලෙස බැලීම
  • යටි අරුත් හැඟවෙන ප‍්‍රකාශයන් හෝ විහිලු
  • ලිංගික කි‍්‍රයා නියෝජනය කරන පිංතූර හෝ පෝස්ටර
  • සාදයන් සඳහා කැටුව යාමට යළි යළිත් කෙරෙන ආරාධනා
  • ලිංගික කි‍්‍රයා සඳහා ආයාචනා යමෙකුගේ පුද්ගලික ජීවිතය හෝ ශරීරය පිළිබඳ ආක‍්‍රමණශීලී ප‍්‍රශ්ණ ඇසීම
  • උවමනාවෙන් යමෙකුගේ සිරුරේ ගෑවීම වැනි අනවශ්‍ය ස්පර්ශයන්
  • ලිංගික හෝ ලිංගිකත්වය පිළිබඳ නින්දා හෝ ඇනුම් පද
  • ලිංගික කාර්යයන් නියෝජනය කරන ශාරීරික ස්පර්ශයන්
  • ලිංගික කාර්යයන් නියෝජනය කරන ඊමේල් කෙටි පනිවුඩ හෝ සාමාජ මාධ්‍ය කි‍්‍රයාකාරකම්

ඔබේ අයිතීන් සහ වගකීම් දැනගන්න

සේවකයකු වශයෙන් සේවාස්ථානයේදී  සුරක්ෂිත බව හැගීම සඳහා ඔබට අයිතියක් ඇත ලිංගික හිරිහැර කිරීමෙන් තොර සේවාස්ථානයක් සැපයීම සහ එය පවත්වාගෙන යාම ඔබේ සේවාදායකයාගේ යුතුකමය සමාන අවස්ථා පිළිබඳ හා අසාධාරණයට එරෙහි නීති යටතේද සේවාස්ථානයේ සිදුවන ලිංගික හිරිහැර කිරීම් වලින් ඔබව ආරක්ෂා කෙරේ

සේවකයකු ලෙස, ඔබේ සෞඛ්‍යය සහ සුරක්ෂිතභාවය පිළිබඳවත් එසේම ඔබ ව්සින් කරනු ලබන හෝ කරනු නොලබන කි‍්‍රයාවන්ගෙන් අයුතු බලපෑමකට ලක්වු අයගේ සෞඛ්‍යය සහ සුරක්ෂිතභාවයට අවශ්‍ය මට්ටමේ සැලකිල්ලක් දැක්ව්ීමටත් ඔබට වගකීමක් ඇත

පරිවර්තන සේවා

131 450 ඇමතීමෙන් පහත ලැයිස්තුගත කර ඇති උපකාරක සේවා සඳහා මග පෙන්විය හැකි භාෂණ පරිවර්තකයකු හා ඔබට සම්බන්ධ විය හැක

ක්‍ෂණික සහය

ඔබ ලිංගික හිරිහැර කිරීම අත්දකියි නම් ඔබට සහය විීම සඳහා සේවා ගණනාවක් විවෘතව ඇත

ඔබට මේ අවස්තාවේ සුරක්ෂිත බවක් නොදැනේ නම් හෝ වහ වහා උපකාර අවශ්‍ය නම් (24/7 පුරා ලබාගත හැකි 

  1. Victoria Police වික්ටෝරියා පොලීසිය 000 මගින් අමතන්න 
  2. Lifeline 13 11 14 මගින් අමතන්න 
  3. 1800RESPECT (ජාතික ලිංගික අඩන්තේට්ටම් අඛන්ඩ දුරකථන සේවාව* 1800 737 732 මගින් අමතන්න 

පැමිණිලි කරන්න

ඔබ රැකියා සම්බන්ධ හිරිහැර අත්වින්දේ නම් පරාසයක පවතින විකල්පයන් සහ උපකාරක සේවාවන් විවෘතව ඇත

ආරක්ෂිත අන්දමින් කළ හැකිනම්” ලිංගික හිරිහැර කිරීම ඍජුවම සිදුවිීම් වාරතාගතකරණ පද්ධතිය හරහා හෝ ඔබේ කළමණාකරුට හෝ මානව සම්පත් අංශයට වාර්තා කරන්න’ මෙය කළ නොහැක්කක් නම් හෝ අවස්ථානුකූලව ප‍්‍රයෝගික නැතිනම්” වාර්තා කල හැකි අනෙකු විකල්පයන් පහත දැක්වේ:

WorkSafe Victoria

ලිංගික හිරිහැරයන්ද ඇතුලුව සේවාස්ථාන සෞඛ්‍යය හා සුරක්ෂිතභාවය සම්බන්ධ සියලු කරුණු පිළිබඳව ඔබට උපකාරී වන්නට WorkSafe Victoria  හට හැකිය අපේ උපදේශණ සේවය වන 1800 136 089 සඳුදා සිට සිකුරාදා දක්වා පෙ ව 7:30 - ප ව 6:30 දක්වා විවෘතය

Victorian Equal Opportunity and Human Rights Commission, VEOHRC

සේවාස්ථානයේ සහ අධ්‍යාපන භාණ්ඩ සහ සේවා ලබාගන්නා පොදු ස්ථාන වැනි තැන්වල ලිංගික හිරිහැර කිරීමට ලක්වු අය සඳහා ගාස්තු වලින් තොර රහසිගත තොරතුරු සහ පැමිණිලි කි‍්‍රයාවලීන්
Victorian Equal Opportunity and Human Rights Commission
මගින් සපයනු ලැබේ ඔවුන් විශේෂයෙන් අසාධාරණයන් මානව අයිතීන් සහ වාර්ගික හෝ ආගමික අපහාසයන් වැනි ගැටඵ පිළිබඳවද කටයුතු කරති විමසීම් නිලධාරියකු සමග කතා කිරිමට 1300 292 153 අමතන්න

Victorian Legal Aid

ලිංගික හිරිහැර අත්විඳින්නට ඇති අසාධාරණයට හා වෙනස්කම්වලට ලක්වුනු පුද්ගලයන් හට නීති උපදෙස් සහ තොරතුරු හා නියෝජනයන් සලසයි  Victoria Legal Aid උපදෙස් හෝ උපකාර සඳහා 1300 792 387 අමතන්න 

Victoria Police

ලිංගික හිරිහැර කිරීම සාපරාධී ක‍්‍රියාවක්ද වියහැකි බැවින් එය පැමිණිලි කිරීමටද ඔබේ ප‍්‍රදේශයේ පොලිස් ස්ථානය හරහා   Victoria Police  ඇමතිය හැක 

We are Union

සුරක්ෂිත සේවක පරිසරයක් සළසා දීම සඳහා ඔබේ සේවාස්ථානයේ යුතුකම් පිළිබඳව උපදෙස් ලබාදීම සඳහා උපකාර කල හැකි සේවක සමිති ලැයිස්තුවක්  ‘We are Union’  සපයයි 

අන්අයකු වෙනුවෙන් පැමිණිල්ලක් සැකසීම

ඉහත යාන්ත‍්‍රණයන් ඔස්සේ (උදාහරණ වශයෙන්” ඔබ ලිංගික හිරිහැර කිරීම ඇසින් දුටුවෙහි නම් හෝ අගතියට පත් තැනැත්තා විසින් ලිංගික හිරිහැර කිරීම පිළිබඳව ඔබ දැනුවත් කර ඇත්නම්* තුන්වන පාර්ශවයකට වුවද පැමිණිල්ලක් සැකසිය හැකි වුවද” අගතියට පත්වු තැනැත්තාගෙන් මේ සමබන්ධයෙන් තොරතුරු විමසීම අනිවාර්යයෙන් කලයුතු අතර එසේ පැමිණිලි කිරීමට පෙර ඊලඟ පියවර පිළිබඳව එකඟතාවයකටද පැමිණිය යුතුය’ අගතියට පත් තැනැත්තා මේ පිළිබඳව එකඟතාවය පලකිරීම සහ ඔවුන් වෙනුවෙන් තුන්වන පාර්ශවය ගන්නා කි‍්‍රයාමාර්ගයන් පිළිබඳව පාලනයක් සතුවීම මෙහිදී වැදගත් වේ’ ලිංගික හිරිහැර පැමිණිලි කිරීම සඳහා ගනු ලබන යම් කි‍්‍රයාමාර්ගයක් පිළිබඳව එකඟතාවයක් ඇති වීම සහ කි‍්‍රයාවලිය පිළිබඳ අධීක්ෂනය කිරීමට හැකියාවක් ඇති බව හා ලිංගික හිරිහැර පිළිබඳ පැමිණිල්ල ගැන දැනුවත් වීම මෙයට ඇතුලත් වේ’ බොහෝ සිද්ධීන්වලදී” තුන්වන පාර්ශවයක් ලිංගික හිරිහැරයක් කිරිම පිළිබඳ පැමිණල්ල ගොනු කරයි නම්” ප‍්‍රතිචාර දක්වන ආයතනයන්ට එකී කාරණය පිළිබඳව තවදුරටත් කටයුතු කිරීමට අගතියට පත් තැනැත්තා හා සෘජුව සම්බන්ධ වීමට අවශ්‍ය වනු ඇත’ විශේෂිත සිද්ධ්ය පිළිබඳව කිසියම් වැඩිමනත් තොරතුරක් ඉදිරිපත් නොකර පහත ආයතන හා සම්බන්ධව පැමිණිලි කිරීමේ කි‍්‍රයාවලිය හා ලිංගික හිරිහැර කිරීමට ප‍්‍රතිචාර දැක්වීම පිළිබඳව සාකච්ඡුාවක් පැවැත්වීමටද තුන්වන පාර්ශවයන්ට හැකිය

විශේෂයෙන් කැපවුනු වැඩසටහන්

ලිංගික හිරිහැර කිරීම මගින් අපහසුතාවයට පත්වන ස්තී‍්‍ර පුරුෂ” ඛඨඊඔූෂ්ූ අය” තරුණ අය හා සංක‍්‍රමණිකයන් හෝ සරණාගතයන් හට සහය සපයන විශේෂයෙන් කැපවුනු වැඩසටහන්ද ඇත

The Migrant Workers Centre

The Migrant Workers Centre  වික්ටෝරියා ප‍්‍රාන්තයේ සංක‍්‍රමණික ශ‍්‍රමිකයන්හට සිය අයිතීන් වටහා ගැනීමට සේවාස්ථානයේ ඒවා බලාත්මක කිරීමට හා අනෙකුත් සංක‍්‍රමණික ශ‍්‍රමිකයන් හා සම්බන්ධවිීමටත් උපකාර කරයි සතිය පුරා ඔවුන් 03 9659 3516 මගින් අමතන්න 

Multicultural Centre for Women’s Health

Multicultural Centre for Women’s Health  සංක‍්‍රමණික සහ සරණාගත පසුබිමක් ඇති කාන්තාවන්ට උදවු උපකාර සහ සෞඛ්‍යය සහ සුභසාධනය නැංවිීම සඳහා තොරතුරු සපයයි 1800 656 421 අමතන්න ඔබ වෙනුවෙන් පරිවර්තකයන්ද ඔවුන් හා සිටිති

Centre Against Sexual Harassment

Centre Against Sexual Harassment   හට ඔබේ අවශ්‍යතාවයන්ට සරිලන හා වහා ප‍්‍රතිචාර දක්වන සේවාවන් හා සම්බන්ධ කිරීමටත් දැනුවත් කල විකල්පයන් කෙරෙහි ඔබ යොමුකිරීමටත් උපකාර කල හැකිය 03 5441 0430 අමතන්න

MensLine Australia

MensLine Australia පවුල් හා සබඳතා පිළිබඳ ගැටඵ ඇති පුරුෂයින් සඳහා අන්තර්ජාලයේ ඇති උපදේශණ සේවාවකි (24/7 පුරා ලබාගත හැක 1300 789 978 අමතන්න 

Queerspace

Queerspace  මගින්  LGBTQIA+  ලෙසින් හඳුන්වාගන්නා ප‍්‍රජාව සඳහා ප‍්‍රජාව මගින් උපදේශන සේවා සලසනු ලබයි 03 9663 6733 අමතන්න 

සේවක වගකීම්

Occupational Health & Safety Act පණතේ 25 වන වගන්තිය සේවකයා වැඩෙහි යෙදෙන අතරතුර පැවරී ඇති වගකීම විස්තර කරයි සේවකයකු ලෙස ඔබ අනිවාර්යයෙන්: 

  1. ඔබ කරන හෝ නෙකරන දේ හේතුවෙන් අගතියට පත්විය හැකි අයගේ සෞඛ්‍යය හා ආරක්ෂාව පිළිබඳව ප‍්‍රමාණවත් සැලකිල්ලක් දැක්විය යුතුය (උදාහරණ වශයෙන් බියවැද්දීම හෝ ලිංගික හිරිහැර කිරීම වැනි අනිසි හැසිරීම් ප‍්‍රදර්ශණය නොකෙරෙන අයුරින් නිසියාකාරව අනෙකුත් සේවකයන්හට සලකන්න
  2. OHS Act හෝ රෙගුලාසි ප‍්‍රකාරව කටයුතු කිරීම සඳහා ඔවුන් ගන්නා වු කි‍්‍රයාමාර්ගයන් පිළිබඳව ඔබේ සේවාදායකයා සමග සහයෝගයෙන් කටයුතු කිරීම (උදාහරණ වශයෙන් උපකරණ මනා අයුරින් භාවිතා කිරීම ආරක්ෂිත සේවා ප‍්‍රතිපත්තීන් හා විධිවිධාන අනුගමණය කිරීම හා පුහුණු වීම්වලට සහභාගීවන්න
  3. සේවාස්ථානයේ සෞඛ්‍යය ආරක්‍ෂාව සහ සුභසාධනය පිණිස ඇති කිසිවකට වේතනාන්විතව හෝ නොසැළකිලිමත්ව බාධා කිරීම හෝ අවභාවිතා නොකරන්න
  4. සේවාස්ථානය තුලදී ඔබේ සෞඛ්‍ය සහ ආරක්‍ෂාව පිළිබඳව ප‍්‍රමාණවත් සැලකිල්ලක් දැක්වන්න