සේවක මනෝ සමාජීය උපද්රව පිළිබඳ තොරතුරු පත්රිකාව: ලිංගික හිරිහැර ඇතුළු රැකියාව ආශ්රිත ලිංගික ප්රචණ්ඩත්වය

(Employee psychosocial fact sheet: Work-related gendered violence including sexual harassment - Sinhalese)

එහි අඩංගු දේ

රැකියාව ආශ්රිත ලිංගික ප්රචණ්ඩත්වය යනු තම ලිංගිකත්වය, ලිංග භේදය හෝ ලිංගික දිශානතිය නිසා, හෝ තම සෞඛ්යයට සහ ආරක්ෂාවට අවදානමක් ඇති කරන ලිංග භේදය පිළිබඳ ඒකාකෘතිවලට අනුගත නොවන නිසා ඕනෑම පුද්ගලයෙකු වෙත යොමු කෙරෙන, හෝ ඕනෑම පුද්ගලයෙකු හට බලපාන යම් ක්රියාවක් හෝ හැසිරීමකි.

රැකියාව ආශ්රිත ලිංගික ප්රචණ්ඩත්වය සෘජුවම පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් වෙත එල්ල විය හැකිය. එය කිසිවකු වෙත එල්ල නොවන, නමුත් එයට නිරාවරණය වන හෝ එයට සාක්ෂි දරන කෙනෙකුට බලපාන හැසිරීමක් ද විය හැකිය.

මෙම කරුණු පත්රිකාව මඟින් රැකියාව ආශ්රිත ලිංගික ප්රචණ්ඩත්වය, රැකියා ස්ථානයේ ලිංගිත ප්රචණ්ඩත්වය කෙබඳු විය හැකිද යන්න පිළිබඳව කෙටියෙන් සඳහන් කරන අතර රැකියා ස්ථානයේ ලිංගික ප්රචණ්ඩත්වය වාර්තා කිරීම හා රැකියා ස්ථානයේ දී ලිංගික ප්රචණ්ඩත්වය දුටුවහොත් කළ යුතු දේ පිළිබඳව සේවා නියුක්තිකයනට තොරතුරු සපයයි.