තරුණ සේවකයින්: සේවා යෝජකයන් සඳහා තොරතුරු

හොඳ නායකත්වය තරුණ සේවකයින් රෝග සහ තුවාලවලින් ආරක්ෂා කිරීමට උපකාරී වේ.

Shape

තරුණ සේවකයින් වෙනුවෙන් ආයෝජනය කිරීම

තරුණ සේවකයින් බඳවා ගැනීමේ ව්යාපාරික කාරණය පැහැදිලිය. තරුණ සේවකයෝ වික්ටෝරියානු රැකියා සඳහා කෙටිකාලීන හා දිගු කාලීන ප්රතිලාභ ගණනාවක් ගෙන එති. එයට ඇතුළත් වන්නේ:

  • නවෝත්පාදනය සහ නිර්මාණශීලිත්වය
  • නව කුසලතා සහ සර්වශුභවාදය
  • අනාගත කුසලතා සැපයුම් මාර්ග සහ කුසලතා හිඩැස් වලින් ආරක්ෂා කිරීම

හොඳ නායකත්වය තරුණ සේවකයින් ආරක්ෂා කිරීමට උපකාරී වේ

නායකත්ව තනතුරුවල සිටින අයට සෞඛ්යය සහ ආරක්ෂාව වැදගත් බව සේවකයින් දන්නා විට, ඔවුන් ආරක්ෂක ක්රියාපටිපාටි අනුගමනය කිරීම සහ ආරක්ෂක ගැටලු වාර්තා කිරීම සඳහා පෙළඹවීමට වැඩි ඉඩක් ඇත.

සේවා යෝජකයින්, කළමනාකරුවන්, අධීක්වෂකරුන්, HSR නියෝජිතයින් සහ වැඩිහිටි සේවකයින් විසින් තරුණ සේවකයින්ට ඔවුන්ගේ දිශානතිය සහ පුහුණුව අතරතුර දී සන්නිවේදනය කරන ලද OHS ආකල්ප ආදර්ශයට ගැනීම සහ පිළිබිඹු කිරීම ඉතා වැදගත් වේ.

තරුණ සේවකයන් සුරක්ෂිතව තබන්න

වික්ටෝරියානු සෞඛ්ය සහ ආරක්ෂණ නීති යටතේ, ඔබ ඔබේ සේවකයින්ට සෞඛ්ය අවදානම් වලින් නිදහස් සහ ආරක්ෂිත රැකියා පරිසරයක් සැපයිය යුතුය. එය හැකිතාක් දුරට ප්රායෝගික විය යුතුය. සේවා යෝජකයෙකු ලෙස, තරුණ සේවකයින්ට හානි සිදු වීමේ අවදානම අඩුකර ගැනීම සඳහා අත්යවශ්ය වන වගකීම් ගණනාවක් ඔබට ඇත. ඒවාට ඇතුළත් වන්නේ:

  • සේවකයින් හට ඔවුන්ගේ රැකියා සුරක්ෂිතව සිදු කිරීම සඳහා අවශ්ය තොරතුරු, උපදෙස්, පුහුණුව සහ අධීක්ෂණය ලබා දීම
  • හැකි තරම් ප්රායෝගික වන පරිදි, ආරක්ෂිත යන්ත්රෝපකරණ, උපකරණ සහ වැඩ පද්ධති සැපයීම සහ පවත්වාගෙන යාම
  • හැකි තරම් ආරක්ෂිතව සහ සෞඛ්යයට අවදානමක් නොවන පරිදි, සේවා ස්ථානය පවත්වාගෙන යාම.

මෙම රාජකාරිවල අරමුණ සඳහා, කොන්ත්රාත්කරුවන්, උප කොන්ත්රාත්කරුවන්, කොන්ත්රාත්කරුවෙකුගේ සේවකයින් සහ ශ්රමිකයන් කුලියට ගන්නා සේවකයින් 'සේවානියුක්තයන්ගේ' ගණයට අයත් වේ. සේවානියුක්තයන් යනු රැකියාවක් හෝ පුහුණු කොන්ත්රාත්තුවක් තිබෙන අයයි. ස්වේච්ඡා සේවකයින්ට ජීවන වියදම් ලැබුණත්, ඔවුන් සේවනියුක්තයන් නොවේ.

සේවකයින් නොවන පුද්ගලයින් සේවායෝජකයාගේ හැසිරීමෙන් පැන නගින සෞඛ්ය හා ආරක්ෂිත අවදානමට නිරාවරණය නොවන බවට ද සේවායෝජකයින් සහතික විය යුතුය.

ඔබේ නීතිමය රාජකාරි ඉටු කිරීමට සහ තරුණ සේවකයින් ආරක්ෂිතව තබා ගැනීමට ඔබට ගත හැකි නිශ්චිත පියවර කිහිපයක් පහත දැක්වේ.

තොරතුරු සැපයීම

තරුණ සේවකයින්ට නිසි මග පෙන්වීමක් ලැබෙන බවට වග බලා ගැනීම. තරුණ සේවකයින් සඳහා වන සෞඛ්ය හා ආරක්ෂක දිශානතියක ප්රධාන අංග වලට පහත දැක්වෙන දේ ඇතුළත් විය යුතුය:

  • අනාරක්ෂිත වැඩ හඳුනාගෙන වාර්තා කරන්නේ කෙසේද යන්න ඇතුළුව, OHS හඳුන්වා දීම
  • සේවා ස්ථාන උපද්රව සහ අවදානම් පාලනය කිරීමේ පියවර
  • OHS ප්රතිපත්ති සහ ක්රියාපටිපාටි
  • ප්රථමාධාර සහ හදිසි අවස්ථා
  • සෞඛ්ය හා ආරක්ෂක නියෝජිතයින් (HSR) ඇතුළු සංචාර සහ ඉදිරිපත් කිරීම්.

අධ්යාපනය හා පුහුණුව ලබා දීම

සේවකයින් තම රාජකාරිය ආරක්ෂිතව කරන්නේ කෙසේදැයි වටහා ගන්නා බවට වග බලා ගන්න. කාර්ය-විශේෂිත උපදෙස් සහ පුහුණුව තරුණ සේවකයින් හට ලබා දෙන විට, ’මට පවසන්න, මට පෙන්වන්න, මා දෙස බලන්න’ ප්රවේශය භාවිතා කරන්න. මෙම ප්රවේශයට අදියර තුනක් ඇත:

  1. මට පවසන්න – තරුණ සේවකයාට වැඩ කටයුත්ත පිළිබඳ පැහැදිලි හා සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් ලබා දෙන්න. ප්රධාන අංග ඉස්මතු කර ලේඛනගත ක්රියාපටිපාටිය විස්තර කරන්න.
  2. මට පෙන්වන්න - තරුණ සේවකයා ඔබව නිරීක්ෂණය කරන අතරතුර කර්තව්යය පෙන්වන්න. ප්රධාන අංග පැහැදිලි කර තරුණ සේවකයාගේ අවබෝධය පරීක්ෂා කිරීමට ප්රශ්න අසන්න.
  3. මා දෙස බලන්න - තරුණ සේවකයින් කාර්යය ඉටු කරන විට ඔවුන් නිරීක්ෂණය කර එම කාර්යය ආරක්ෂිතව ඉටු කිරීමට ඔවුන්ට සහාය වීම සඳහා පැහැදිලි හා ඵලදායී ප්රතිපෝෂණ ලබා දෙන්න.

පුද්ගලික ආරක්ෂණ උපකරණ (PPE) ලබා දෙන්න

තරුණ සේවකයින්ට අවශ්ය උපකරණ ලබා දී යම් ආරක්ෂිත උපකරණයක් පැළඳිය යුතු/භාවිතා කළ යුතු ආකාරය ඔවුන්ට පෙන්වන්න. PPE වැදගත් වන්නේ ඇයිදැයි සහ එයට රාජකාරි ආශ්රිත තුවාල සහ රෝග වළක්වා ගත හැක්කේ කෙසේද යන්න තරුණ සේවකයින් වටහා ගන්නා බවට වග බලා ගන්න.

අධීක්ෂණය

පර්යේෂණයන් මගින් පෙන්නුම් කරන්නේ අධීක්ෂකයින් සහ ඔවුන්ගේ තරුණ සේවකයින් අතර හොඳ සබඳතා සේවා ස්ථානයේ තුවාල ඇතිවීමේ අවදානම අඩු කරන බවයි. තම සෞඛ්ය හා ආරක්ෂාව සම්බන්ධ ගැටළු වාර්තා කළහොත් වැඩ මුර හෝ රැකියා අහිමි වීම ගැන තරුණ සේවකයෝ බොහෝ විට කනස්සල්ලට පත් වෙති. ධනාත්මක කාර්ය සබඳතා ආදර්ශනය, ඵලදායී ප්රතිපෝෂණ ලබා දීම, සහ ප්රශ්න ඇසීමට ඔවුන්ව දිරිමත් කිරීම මගින් තරුණ සේවකයින්ව හඬ නැංවීම සඳහා බල ගැන්විය හැකිය.

උපදේශනය

සේවා යෝජකයෙකු ලෙස, සියලු සේවකයින්ගේ සෞඛ්ය සහ ආරක්ෂක තොරතුරු ඔවුන් සමඟ බෙදා ගැනීමට ඔබ වගකිව යුතුය. සේවා ස්ථාන අවදානම් සහ පාලන ක්රියාමාර්ග වැනි සෞඛ්ය හා ආරක්ෂක ගැටළු පිළිබඳ උපදේශන සඳහා තරුණ සේවකයින් ඇතුළත් කිරීම, සහ උපදේශන ක්රියාවලියට ක්රියාකාරීව සහභාගී වීමට ඔවුන් දිරිමත් කිරීම සිදු කරන්න. සේවා ස්ථානයේ සෞඛ්ය හා ආරක්ෂක සංස්කෘතියට සෞඛ්ය හා ආරක්ෂක නියෝජිතයින් (HSR) ඇතුළත් කිරීම සහතික කරන්න.

ඔබට ප්රශ්නයක් තිබෙන අතර අප සමඟ කතා කිරීමට අවශ්යද?

ඔබට 131 450 ඔස්සේ භාෂා පරිවර්තක සේවා අමතා අපගේ WorkSafe Victoria ඇමතුම් මධ්යස්ථානය සමඟ සංවාද කිරීමට ඔබට මග පෙන්වීම සඳහා ඔබට භාෂණ පරිවර්තකයෙකු සමඟ සම්බන්ධ විය හැකිය.

WorkSafe Victoria ආයතනයට ශාරීරික හෝ මානසික තුවාල වැනි සේවා ස්ථානයේ සෞඛ්යය සහ ආරක්ෂාව සම්බන්ධ සියලු කාරණා සඳහා ඔබට උදව් කළ හැකිය. අපගේ උපදේශන සේවාවන් 1800 136 089 ඔස්සේ සඳුදා සිට සිකුරාදා දක්වා පෙ .ව. 7:30 සිට ප.ව. 6:30 දක්වා ලබා ගත හැකිය.